Gossips

වව්නියාවේ දී පැහැරගත් මාස 8 බිළිඳා හමුවෙයි

වව්නියාව – ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමු හරස් විථීයේදී නිවසක සිටියදී පැහැර ගත් මාස 8 ක බිළිදා පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී සොයා ගෙන තිබෙනවා.
පුදුකුඩිඉරිප්පු පොලීසිය සදහන් කළේ ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී බිළිදා පොලිස් භාරයට ගත් බවයි.
එහිදී බිළිදා රැක බලාගත් කාන්තාවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විමර්ශනවලින් අනතුරුව බිළිදා යලි මවට භාරදීමට නියමිතයි.
පෙරේදා අලූයම මෙම පැහැර ගැනීම සිදුකර තිබුණේ වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙක්.
මෙම අවස්ථාවේ දරුවාගේ මව සහ මිත්තණිය නිදා සිට ඇති අතර, තමන් දරුවා පැහැර ගත් බව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන දරුවාගේ පියා පොලීසියට ප්‍රකාශ කර තිබුණා.
මේ වනවිට ඔහු වෙනත් කාන්තාවක් සමග ලන්ඩනයේ ජීවත් වන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.
මෙම පැහැර ගැනීම සිදුකර තිබුණේ වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙක්.
මෙම අවස්ථාවේ දරුවාගේ මව සහ මිත්තණිය නිදා සිට ඇති අතර, මවගේ සහෝදරියකට දරුවා පැහැර ගෙන යන වාහනයේ හඩ ඇසී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මේ අතර පෙරේදා අලූයම 2 යි 10ට පමණ ලන්ඩනයේ සිටින බිළිදාගේ පියා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදුන් බව ද බිළිදාගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.