Gossips

වව්නියාවේ දී අලි පැටවෙකුගේ සිරුරක් හමුවේ

වව්නියාව – ඉලමරදන්කුලම් ප්‍රදේශයේ තිබී මිය ගිය වන අලි පැටවෙකුගේ සිරුරක් අද (23) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
වව්නියාව වනජීවි කාර්යාල නිළධාරීන් කියා සිටියේ ඉලමරදන්කුලම් – මහඉලුප්පයිකුලම් වැවේ ජලය බීමට පැමිණි මෙම අලි පැටවා හක්කපටස් ආහාරයට ගැනීමෙන් මිය ගොස් ඇති බවයි.
මෙම අලි පැටවාගේ වයස අවුරුදු දෙක හමාරක් පමණ වනවා.