වව්නියාව කොක්එළිය ප්‍රදේශයේ තිබී ටී 56 උණ්ඩ 1720 ක් සොයාගෙන තිබෙනවා.
කොක්එළිය මුනාමඩුව ප්‍රදේශයේ අතහැර දැමු ඉඩමක් වගා කටයුතු සඳහා පවිත්‍ර කරමින් සිටියදී ඉඩම් හිමියාට පතුරම් තොගය හමුවී ඇතැයි සඳහන්.
පසුව පොලිසියට කළ දැනුම්දීමකට අනුව ඒවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මළ බැඳී ඇති පතුරම් තොගය අධිකරණ නියෝග මත නිශ්ක්‍රිය කිරීමට නියමිතයි.
වව්නියාව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවනවා.
