Gossips

වව්නියාවේ අනතුරකින් අඹු සැමි යුවලක් බරපතල තුවාල ලබයි

වව්නියාව තාන්ඩිකුලම් ප්‍රදේශයේදී අද උදෑසන යතුරු පැදියක ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ රෝහල් ගතකර තිබෙනවා.
යුධ හමුදා ආපන ශාලාවකට ආහාර පාන ගෙනයමින් තිබු ලොරි රථයක ගැටීමෙනුයි ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
මෙලෙස අනතුරින් තුවාල ලබා ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු සහ 18 හැවිරිදි ඔහුගේ බිරිඳයි.
අනතුර සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.