වව්නියාව මහරෝහලේදී අතුරුදන් වූ බිළිදා අනුරාධපුර රෝහලේ සිටියදී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වව්නියාව මහරෝහලේදී පසුගිය 7 වන දා උපත ලද මෙම බිළිදා ඊයේ දිනයේදී අතුරුදන් වූ බවට පවසමින් එම බිළිදාගේ මව පොලීසියට පැමිණිල්ලක් කරනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි වව්නියාව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන් පිරිසක් අදාළ කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ.
දරුවා රැගෙන ගොස් අසනීපවීම හේතුවෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බවට ඇය පවසා තිබෙනවා.
