Gossips

වව්නියාවෙන් කොටුකරගත් ව්‍යාජ මුදල් නෝට්ටු (ඡායාරූප)

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 45ක් සමඟ පුද්ගලයෙකු වව්නියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (11) පස්වරුවේ වව්නියාව පරණ බස් නැවතුම්පොලේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු 35 හැවිරිදි අයෙක් වන අතර ඔහු අලව්ව, කොගොලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
සැකකරු අද (12) දින වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඡායාරූප – වව්නියාව, රොමේෂ් මධුසංක / මාධව කුලසූරිය