Gossips

වව්නතිව් හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට, සී.අයි.ඩී. යේ විශේෂ කණ්ඩායමක්

මඩකලපුව – වව්නතිව් පොලිස් වසමේ මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටියදී අද උදෑසන මළ සිරුරු සොයා ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.
ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු අද උදෑසන 6 ට පමණ මඩකලපුව – වව්නතිව් මාර්ගයේ වව්නතිව් ප්‍රදේශය ආසන්නයේ පිහිටි පොලිස් මාර්ග බාධකය අසල තිබියදී සොයා ගත්තා.
වව්නතිව් පොලීසියට අනුයුක්තව රාජකාරි කළ මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කල්මුණේ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන්ගේ වයස අවුරුදු 32 ක් සහ 28 ක් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම ඝාතන සිදුකළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණ වී නැහැ.
විමර්ශන කටයුතු සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් ප්‍රදේශය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් පිටත් කර යැවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.
rnrn

(ඡායාරූප – අම්පාර වසන්ත චන්ද්‍රපාල )