Gossips

වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට තවත් සැකකරුවෙක් අල්ලයි

මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම සැකකරු ද හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු බවට අනාවරණ වී ඇති බවයි.
ඔහු හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ගේ දෙවැනියා ලෙස කටයුතු කර ඇති බව සඳහන්.
මීට පෙර ද සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි රාසනායගම් සර්වනන්දම් නැමැත්තා අත්අඩංගුවට ගත් අතර ඔහු ද හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු ලෙස අනාවරණ වුණා.
පසුගිය 30 වන දා වව්නතිව් මාර්ග බාධකයේදී මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර තිබුණා.