මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු කිලිනොච්චිය – වට්ටකච්චි ප්‍රදේශයේදී පොලීසිය අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිලිනොච්චිය පොලීසිය විසින් 48 හැවිරිදි සැකකරු වට්ටකච්චිය – හච්සන් පාර ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත භාරදීමට නියමිතයි.
