Gossips

වල් නාශක තහනම ඉවත් වන ලකුණු

ග්ලයිෆොසේට් වල්නාශකය සඳහා පැවති තහනම ඉවත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රධානත්වය දරන ජාතික ආර්ථික සභාව තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා.
බත්තරමුල්ලේ අද පැවති වැඩමුළුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
කෙසේ වෙතත්, පසුගිය දා බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ තහනම් කර ඇති ග්ලයිෆොසේට් වල්නාශකය නැවත ගෙන්වන්නේ නම්, ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බවයි.