Gossips

වල් ඌරු මස්‌ ආහාරයට ගත් දැරියක් ජීවිතය හැරයයි

වල් ඌරු මස්‌ ආහාරයට ගත් කුඩා දැරියක් හදිසියේම රෝගී වී පසුගිය පළමු වනදා ගම්පොළ රෝහලට ඇතුළත් කරන අතරතුර මියගොස්‌ තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිගල්ල, කුරගල ප්‍රදේශයේ පදිංචිව සිටි රසිකා රශ්මි වීරසේන නැමැති වයස අවුරුදු දෙකක දැරියක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අදාල දැරියට ඇයගේ මව්පියන් විසින් පසුගිය 31 වනදා රාත්‍රි ආහාරයට මෙලෙස වල් ඌරු මස්‌ ලබාදී ඇති බව සඳහන්.
දැරිය වල් ඌරු මස්‌ ආහාරයට ගැනීමෙන් අනතුරුව ඇය රාත්‍රියේදී රෝගී වී ඇති අතර පසුදින උදැසන දැරිය රෝහල්ගත කරන විටත් මියගොස්‌ සිටි බවයි වාර්තා වන්නේ.
දවුලගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.