Gossips

වල් ඌරන් ඝාතනය, ප්‍රවාහනය සහ අලෙවියට තිබූ තහනම ඉවතට

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ යෝජනාව ඉදිරි සතියේදී අමාත්‍ය මණ්ඩලයට යොමුකරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.
දැනට පවතින නීතිය අනුව වල් ඌරන් ඝාතනය කිරීම, ප්‍රවාහනය සහ අලෙවිය තහනම් කර තිබුණා.
කෘෂිභෝගවලට වැඩිම හානිය සිදුවන්නේ වල් ඌරන්ගෙන් බවට කෘෂිකර්ම අමාත්‍යාංශය සිදුකළ සමීක්ෂණයකදී හෙලිව තිබෙනවා.
ඒ අනුව එම හානිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.