Gossips

වල් ඌරන් ඇල්ලීමට ඇටවූ උගුලට හසුවී දිවියෙක් මරුට (ඡායාරූප)

වල් ඌරන් ඇල්ලීමට ඇටවූ උගුලකට හසුවීමෙන් නාවලපිටිය වැරැල්ලපතන ප්‍රදේශයේදී දිවියෙකු මියගොස් තිබෙනවා.
ප්‍රධාන මාර්ගය ආසන්නයේ තේ වත්තක අටවා තිබු උගුලකට මෙම දිවියා හසුවී සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ පස්වරුවේ දිවියා හමුවී ඇති අතර එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා උඩවලව ජාතික පශු වෛද්‍ය රෝහලට යොමු කර තිබෙනවා.
මියගිය දිවියා අඩි 5 ක පමණ දිගකින් යුක්ත අතර වයස අවුරුදු දෙකක පමණ හොඳින් වැඩුනු සත්වයෙක් බව සඳහන්.
වල් ඌරන් ඇල්ලීම සඳහා ගොවීන් විසින් අටවන උගුල්වලට දිවියන් හසුවීමේ වැඩ අවධානමක් පවතින බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙනවා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ