Gossips

වල්ලාපට්ට තොගයක් සමඟ සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට (ඡායාරූප)

නීති විරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යාමට සුදානම් කර තිබු වල්ලාපට්ට කිලෝ ග්‍රෑම් 119ක් සමඟ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද(14) උදෑසනයි මේ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔවුන් 40 හැවිරිදි වියේ පසුවන මිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
ඔවුන් රැගෙන ආ ගමන් මලු 06 ක තිබී සොයාගත් මේ වල්ලාපට්ට තොගයේ වටිනාකම රුපියල් 94,62,500 ක් පමණ වන බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ගුවන් තොටුපල රේගුව වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප – ටී.කේ.ජී.කපිල)