Gossips

වල්ලාපට්ටා සමග ගුවන්තොටුපලේදී පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත වල්ලපට්ටා තොගයක් රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (16) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන මොහු රැගෙන ආ ගමන් මල්ල පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම වල්ලපට්ටා තොගය අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
කිලෝග්‍රෑම් 25 කට වැඩි මෙම වල්ලාපට්ටා තොගයේ වටිනාකම රුපියල් දාහතර ලක්ෂයක්.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී කපිල