නීතිවිරෝධී ලෙස ඩුබායි බලා වල්ලාපට්ටා තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ගුවන් තොටුපළ රේගුව ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් එම වල්ලාපට්ටා තොගය සිය ගමන් මළුවල සූක්ෂම ආකාරයෙන් සඟවා මෙරටින් පිට කිරීමටයි උත්සාහ කර ඇත්තේ.
වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 107ක් මෙලෙස රේගු භාරයට ගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 12ක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර සහ කෑගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
