කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 600 ක වල්ලාපට්ටා තොගයක් නීතිවිරෝධීව ඩුබායි වෙත රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් එක් අයෙකු එක්සත් අරාබි එමීර් ජාතිකයෙකු වන අතර, අනෙක් තැනැත්තා දෙමටගොඩ පදිංචි ශ්‍රී ලාංකිකයෙක්.
මොවුන් සිය ගමන්මලූ තුළ සූක්ෂම ලෙස සගවා මෙම වල්ලාපට්ටා තොගය රැගෙන යාමට උත්සාහ කර ඇති අතර, සිදුකළ පරීක්ෂාවකදී අත්අඩංගුවට ගත් බවයි කටුනායක ගුවන්තොටුපල පොලීසිය සදහන් කළේ.
