Gossips

වල්ලාපට්ටා කිලෝ 27ක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට (ඡායාරූප)

ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් වල්ලාපට්ටා කිලෝ 27ක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේ මීගමුවේ පදිංචිකරුවෙකු වන 21 හැවිරිදි මෙම පුද්ගලයා සිය ගමන් මල්ලේ වල්ලාපට්ටා තොගය සඟවාගෙන මුම්බායි හරහා ඩුබායි බලා යාමට සූදානම්ව සිටි බවයි.
රේගුව මගින් වල්ලාපට්ටා තොගය රාජ සන්තක කර ඇති අතර ඔහුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබෙනවා.