Gossips

වලසෙකුගේ ප්‍රහාරයෙන් අයෙක් රෝහලේ

වැලිඔය – සම්පත්නුවර ප්‍රදේශයේදී වලසෙකුගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයෙක් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අදාල පුද්ගලයා ඊයේ (16) සම්පත්නුවරට ආසන්නයේ පිහිටි මුලතිව් කැළෑබද ප්‍රදේශයක ගිය අවස්ථාවේ මෙලෙස වලසාගේ ප්‍රහරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි.