අම්බලන්තොට – රිදියගම ප්‍රදේශයේදී වලවේ ගගේ දියනෑමට ගිය කුඩා පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ අවුරුදු 10 ක් වයසැති මෙම කුඩා දරුවා දියනෑමට ගොස් ඇත්තේ තවත් යහළුවන් කිහිපදෙනෙකු ද සමගයි.
ඒ සම්බන්ධයෙන් දරුවාගේ දෙමව්පියන් අම්බලන්තොට පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර, දරුවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
ඡායාරූප – අම්බලන්තොට, අජිත් පුෂ්පකුමාර
