Gossips

වලපනේ නිදහස් පක්ෂ සංවිධායකට වසර 12 ක සිරදඬුවමක්

වලපනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරහේවා සහ තවත් අයෙකුට බරපතල වැඩ සහිත වසර 12 ක සිරදඬුවම් අද නියම කෙරුණා.
2004 වසරේදී රජයේ වාහනයක් අවභාවිත කිරීම සහ නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවලට උඩුපුස්සැල්ලාව පොලීසිය විසින් ඔහුට එරෙහිව නුවරඑළිය මහාධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණා.
ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී නුවරඑළිය මහාධිකරණ විනිසුරු එස්.යූ.බී.කරලියද්ද අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවා.
එහිදී අවභාවිතා කළ වාහනයේ වටිනාකම මෙන් තුන් ගුණයක් එනම්, රුපියල් ලක්ෂ 105 ක මුදලක් රජයට දඩ මුදලක් ලෙස ගෙවීමට ද මහාධිකරණ විනිසුරුවරයා හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.