Gossips

වලගම ශ්‍රී විසුද්දාරාම මහා විහාරස්ථානයේ චූඩා මාණික්‍යය සොරාගනී

පේරාදෙණිය වලගම ශ්‍රී විසුද්දාරාම මහා විහාරස්ථානයේ දාගැබෙහි චූඩා මාණික්‍යය සොරාගෙන තිබෙනවා.
පසුගිය 02 වනදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් දාගැබ මතට නැග මෙම සොරකම සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැකපලකරන්නේ.
සොරකම සිදුකළ පුද්ගලයා විසින් චූඩා මාණික්‍යය රඳවා තිබූ කොත්වහන්සේ පන්සලේ දමාගොස් තිබියදී හමුවී තිබෙනවා.
මේ අතර සොරකම සිදුකිරීම සඳහා භාවිත කළබවට සැකපලකරන කඹයක් ද විහාර භූමිය තුළ තිබී පොලිසිය සොයාගත්තා.
සොරකම සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.