Gossips

වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතික කාන්තාවක සහ ඇගේ දරුවන් දෙදෙනා හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හොරණ – වගවත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති මෙම කාන්තාවගේ වයස අවුරුදු 28 ක් වන අතර, ඇගේ 8 හැවිරිදි දැරිය සහ අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවා ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් රැඳී සිටි තවත් රුසියානු ජාතිකයෙකු ගාල්ල – හාලිවල ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.