වලංගු වීසා නොමැතිව කැනඩාව බලා අනවසරයෙන් යාමට උත්සාහ කළ පුද්ගලයින් 26 දෙනෙකු කිලිනොච්චිය – කනගපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදියි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
