වරෙන්තු නිකුත්වී ඇති සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
එක් පුද්ගලයෙකු මුදල් වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු 13 ක් සහ දින වරෙන්තු 22 ක් නිකුත් වී ඇති අයෙක් බවයි පොලිසිය කියාසිටියේ.
මීගමුව, වත්තල, කොටුව, අලුත්කඩේ, පානදුර සහ කලුතර යන අධිකරණවලින් එම සැකකරුට වරෙන්තු නිකුත්වී තිබෙනවා.
අධිකරණය මගහරිමින් සිටි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිසියට ඊයේ ඉදිරිපත් කර තිබු අතර ඔහුට ඇප ලබා ගැනීමට ඉදිරිපත්වූ බිරිඳට විවෘත වරෙන්තු 3 ක් සහ සහ පියාට විවෘත වරෙන්තු දෙකක් මෙන්ම දින වරෙන්තු 3 ක් නිකුත්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අවුරුදු 38 / 41 සහ 63 වයස්වල පසුවන සැකකරුවන් සහ සැකකාරිය වත්තල සහ කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සැකකරුගේ පියා සහ බිරිඳ ඇප මත මුදාහැර ඇති බවයි පොලිසිය කියාසිටියේ.
පෑලියගොඩ පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.
