Gossips

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගය අත්හැර දැමේ

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමා තිබෙනවා.
අද පස්වරුවේ තරගය තාවකාලිකව නතර කරනු ලැබුවේ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටියදීයි.
තරගය තාවකාලිකව අත්හිටුවන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටියා.
ජෝ රූට් ලකුණු 25 ක් සහ ඔවින් මෝගන් ලකුණු 14 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.
ජේසන් රෝයි ලකුණු 24 ක් සහ ජොනි බෙර්ස්ටෝ ලකුණු 25 ක් ලබා සිටියදී දැවීගියා.
නුවන් ප්‍රදීප් සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් බිඳහෙලුවා.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අනිද්දා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.