Gossips

වර්ෂාව සමග කොළඹ මාර්ග රැසක රථ වාහන තදබදයක්

පවතින දැඩි වර්ෂාපතනයත් සමග කොළඹ අවට මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
හයිලෙවල් පාර මෙන්ම බේස්ලයින් පාර ඇතුලු මාර්ග රැසක මෙම රථ වාහන තදබදය පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේම බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් මධ්‍යම, නැගෙනහිර, ඌව ,සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.