Gossips

වර්ෂාවත් සමඟ අකුරණ නගරය ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර – අකුරණ නගරය ජලයෙන් යට වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ මාතලේ දක්වා ගමන් කරන වාහනවලට වත්තේගම මාර්ගය භාවිත කළ හැකි බවයි.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද (22) පස්වරුවේත් දිවයිනේ පළාත් බොහොමයකට වැසි ඇතිවිය හැකි බවයි.
වැසි සමඟ තද සුළං මෙන්ම අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.