Gossips

වර්ෂාවත් සමග දියලුම ඇල්ලේ සැඩපහර වැඩි වෙයි

ඌව පළාතේ ප්‍රදේශ රැසකට ඊයේ සිට පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිය ඇලි රැසක ද සැඩ පහර වැඩිවී තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ රාවණා ඇල්ල, දුන්හිඳ ඇල්ල මෙන්ම දියලුම ඇල්ලේ ජල පහර වැඩිවී ඇති බවයි.
මේ හේතුවෙන් එම දියඇලි අසලට ගමන් නොකරන ලෙසටයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.
එමෙන්ම රාවණා ඇල්ලෙන් පෝෂණය වන කිරිඳි ඔයේ ජල පහර ද මේ වන විට වැඩිවී ඇති අතර මේ හේතුවෙන් එම ගංගා දෙපස ජීවත්වන ජනතාවට අවදානයෙන් පසුවන ලෙසටයි දැනුම් දෙන්නේ.
මේ අතර වර්ෂාවත් සමග දියලුම ඇල්ලේ සැඩ පහර වැඩිවී ඇති ආකාරය අප වාර්තාකරුවන්ගේ කැමරාවේ මෙලෙස සටහන්වී තිබුනා.