Gossips

වර්තමානයේ අවංක දේශපාලනඥයින් තෝරාගැනීම අභියෝගයක් – ජනපති

වර්තමානයේ අවංක දේශපාලනඥයින් තෝරාගැනීම අභියෝගයක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ලෝක කම්කරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කළ හිටපු කම්කරු නායකයින් වෙත උපහාර පුද කිරීමේ උත්සවයකට කොළඹදී අද එක්වෙමින්.
මෙම අවස්ථාවට පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන චන්දිම වීරක්කොඩි, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුලූ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.