Gossips

වර්ජිත තැපැල් සේවකයන් අද යළි කොළඹට, හෙට සිට තැපෑල යථාවත් කරන බව විෂයභාර ඇමති කියයි

ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් ප්‍රධාන වෘත්තීය සමිති රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී අද (25) විරෝධතාවක් පවත්වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 14ක් ගත වනවා.
මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසය මාරාන්තික උපවාසයක් දක්වා දීර්ඝ කිරීමටයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර ඇත්තේ.
තමන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුම්වත් කිරීමට තැපැල් වෘත්තීය සමිති ඊයේ (24) කටයුතු කළා.
මේ අතර තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් සඳහන් කළේ හෙට (26) දිනය වනවිට ලිපි බෙදාහැරීමේ කටයුතු යථා තත්වයට පත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැළසුම් කර ඇති බවයි.