Gossips

වර්ජන දෙකක් අද ?

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන් ඇතුළු තවත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
වැටුප් විශමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් බලධාරීන් තවමත් විසඳුම් ලබා නොදීම හේතුවෙනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.
එමෙන්ම, විදුලි ඉංජිනේරුවන් ද අද (08) දිනයේදී අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන අඩු වියදම් ජනන සැලැස්මට මෙතෙක් අනුමැතියක් නොලැබීම හේතුවෙන්.