Gossips

වර්ජනය නිසා විදෙස් තැපැල් මළු දහසක් කටුනායක ගොඩ ගැසේ

තැපැල් සේවක වර්ජනය හේතුවෙන් විදෙස් තැපැල් මළු දහසක් පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගොඩ ගැසී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.
මුද්දර අලෙවිය, කූරියර් සේවා, මුදල් ඇණවුම් ඇතුළු විවිධ මාර්ගවලින් තැපැල් දෙපාර්තමේන්තුවට අති විශාල අලාභයක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන්වූ බඳවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කිරීම සහ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ රැකියාව සුරක්ෂිත කරන ලෙස ඉල්ලා 05 වන දිනටත් ක්‍රියාත්මක මෙම වැඩවර්ජනය නිසි විසඳුම් ලැබෙනතුරු අඛණ්ඩව සිදුකරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.