බස් රථ සේවකයන් අද ආරම්භ කළ වර්ජනය අසාර්ථක බවට වාර්තා වනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
යෝජිත නව දඩ ක්‍රමයට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය මෙම වර්ජනය ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.
කෙසේ වෙතත්, මෙම වර්ජනයට සහය නොදක්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සමිති සම්මේලනය සහ දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
සිංහල අලූත් අවුරුදු සමයේ වර්ජනය කිරීම කිසිසේත් සුදුසු නොවන බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.
කෙසේ වෙතත්, වර්ජනයට එක්ව සිටින සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ ප්‍රධාන සංවිධායක කුමාරරත්න රේණුක පවසන්නේ බස් රථ හිමියන් ඉහළ ආදායමක් බලාපොරොත්තුවෙන් අලූත් අවුරුදු සමයේ තම වර්ජනයට සහයෝගය නොදැක්වුව ද, දැනෙන බලපෑමක් සිදුකිරීමට හැකිවී ඇති බවයි.