Gossips

වර්ජනය අවසන් කළ තැපැල් සේවකයන් අතිකාල වර්ජනයක

වර්ජනය තාවකාලිකව අවසන් කළද අතිකාල සේවා කිරීමෙන් වැළකී සිටින බව තැපැල් සේවකයින් පවසනවා.
ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ කියා සිටියේ ලබන මස 7 වනදා වනවිට සිය ගැටළුවලට ස්ථිර විසඳුම් ලැබුණහොත් පමණක් වර්ජනය මුළුමනින්ම අවසන් කරන බවයි.
දින 16 ක් පුරා ක්‍රියාත්මක කළ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තැපැල් වෘත්තිය සමිති ඊයේ (26) පස්වරුවේ තීන්දු කළා.
ඒ, වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.