Gossips

වර්ජනයේ වෙනසක් නැහැ – අනධ්‍යයන වෘත්තිය සමිති

වැටුප් සහ දීමනා ලබාදීම ඇතුලූ සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදෙන තෙක් වර්ජන ක්‍රියාමාර්ගය අත් නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
එම කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තාවකාලික විසඳුම් පිළිගැනීමට තම සංගමය සූදානම් නොමැති බවයි.
දිවයින පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වර්ජනයට මේ වනවිට දින 16 ක් ගතවනවා.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් වර්ජනයේ නිරත අනධ්‍යයන සේවකයින්ට දැනුම් දුන්නේ ඉල්ලීම් සම්බන්ධයෙන් වූ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නම් වර්ජන ක්‍රියාමාර්ගය අත්හරින ලෙසයි.