Gossips

වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ට දැනුම් දීමක්

තමන් සේවය කරන කාර්යාලයට රාජකාරී සඳහා වාර්තා කිරීමට අපහසු තැපැල් සේවකයින් ළඟම පිහිටි තැපැල් අධිකාරී කාර්යාලයට වාර්තා කරන ලෙස තැපැල්පතිවරයා ඉල්ලීමක් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ එලෙස වාර්තා කරන සේවකයන් වෙත අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවයි.
රාජකාරියට පැමිණෙන ඇතැම් සේවකයින්ට බාධා කිරීම් සිදුවන බැවින් අදාළ තීරණය ගත් බව ද තැපැල්පති රෝහණ අබේරත්න කියා සිටියා.
මේ අතර, ඊයේ (25) දිනයේදීත්, තැපැල් වෘත්තීය සමිති සහ බලධාරීන් අතර, සාකච්ඡා පැවතුණ ද ඒවා විසදුමකින් තොරව අවසන් වුණා.
කෙසේ වෙතත්, තම ඉල්ලීම් වලට විසදුම් ලැබෙන තුරු අඛණ්ඩව 16 වන දිනටත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.