Gossips

වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට දුම්රිය වෘත්තීය සමිති රැස්වෙයි

වැටුප් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර ඇති අඛන්ඩ වැඩවර්ජනය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සදහා දුම්රිය වෘත්තීය සමිති අතර මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා.
දුම්රිය නියාමක, ස්ථානාධිපති, පාලක සහ රියදුරු යන අංශ නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් ඊට එක්ව සිටින බවටයි වාර්තා වන්නේ.
මේ අතර, දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ සදහන් කළේ අද පස්වරුවේ කාර්යාලය දුම්රිය වාර 8 ක් පමණ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවයි.