Gossips

වර්ජනයෙන් දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතිනවා.
ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ මුහුදුබඩ මාර්ගයේ, ප්‍රධාන මාර්ගයේ මෙන්ම සෙසු මාර්ගවල ද අද පෙරවරුවේ මෙම ප්‍රමාදය පැවති අතර, දිනය පුරා මෙලෙස දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි.
මේ අතර, මරදාන සහ දෙමටගොඩ පිහිටි දුම්රිය ධාවනාගාරවලදී දුම්රිය එන්ජින්වලට හානි සිදුකිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ අප කළ විමසීමකදී සඳහන් කළේ.
මේ අතර, දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතා මඟ හරවා ගැනීම සඳහා ලංගම බස් රථ අතිරේකව යෙදවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි ප්‍රකාශ කළා.