Gossips

වර්ජනයෙන් තැපෑලේ දිනක පාඩුව කෝටි 15 ක්

තැපැල් සේවකයින්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දෛනිකව රුපියල් කෝටි 15 කට අධික මුදලක් එම දෙපාර්තමේන්තුවට අහිමි වන බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා.
එමෙන්ම තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට දිනයේදී වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් ඒ පිලිබඳව අප කළ වීමසීමකදි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ ප්‍රකාශ කළේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් අදාල කිසිදු පාර්ශවයකින් මෙතෙක් නොලැබුණ බවයි.
එමෙන්ම හෙට කොළඹදි විරෝධතා පා ගමනක්ද සංවිධානය කර ඇති බවයි එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.