ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියානු ඔයිල් සමාගම සමඟ එළඹීමට නියමිත ගිවිසුමට විරෝධය පළ කරමින් තෙල් සංස්ථාව තුළ වර්ජනයක් සිදුවන්නේ ඊට මුහුණ දීමට සූදානම් බව විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා.
කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇතමුන් චෝදනා කරන පරිදි තෙල් ටැංකි සංකීර්ණය වෙනත් පාර්ශවයකට විකුණා දැමීමක් සිදු නොවන බවයි.
