Gossips

වරප්‍රසාද එපා – එජාප පසුපෙළ ඇමති වැය ශීර්ෂත් පරාජය කිරීමට සූදානම්

ආණ්ඩු පිහිටුවීමේ සිහිනය දැකීමට ඒකාබද්ධ විපක්ෂයට කිසිදු බාධාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව කියා සිටියා.
මේ අතර අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජයට පත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ පිලිබඳව අදහස් පළ කළා.
ඔහු වස බෝතලයක් සහ ලණු කිහිපයක් පෙන්වමින් චමින්ද විජේසිරි, මුජිබර් රහුමාන් ඇතුලූ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඒවා භාවිත කිරීමට සිදුවන බව කියා සිටියා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පක්ෂය ලබාදෙන වරප්‍රසාදවලට යට නොවී අවශ්‍ය වුවහොත් ඇමතිවරුන්ගේ වැය ශීර්ෂද පරාජය කිරීමට පසුපෙළ මන්ත්‍රිවරුන් සූදානම් බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක කොළඹ දී මේ පිළිබඳව අද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී වැය ශීර්ෂ පරාජයට පත් කරන බවට කිසිදු මන්තීවරයෙකු ප්‍රකාශ නොකළ බවයි.
පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කළහොත් පක්ෂයේ නෙරපීමේ හැකියාවද පවතින බවයි ඔහු සඳහන් කළේ.