Gossips

වරද නිවැරදි කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

ඇමරිකානු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන්ට තායිවානයට ගොස් එරට රජය සමඟ නිල සාකච්ඡා පැවැත්වීම සඳහා ජනපති ට්‍රම්ප් ලබාදුන් අවසරය ඉවත් කරගන්නා ලෙස චීනය, ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කළා.
එය වරද නිවැරදි කිරීමක් ලෙසයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශය හැඳින්වූයේ.
තායිවානය තම රටට අයත් කොටසක් ලෙසයි චීනය සළකන්නේ.
චීනය සමඟ සබඳතා ශක්තිමත් කිරීම සඳහා තායිවානය සමඟ නිල රාජතාන්ත්‍රික සබඳතා ඇමරිකාව විසින් 1979 වසරේදී අත්හරිනු ලැබුවා.
එහෙත් ඊට පිටුපාමින් ජනපති ට්‍රම්ප් ඇමරිකානු රාජතාන්ත්‍රිකයන්ට තායිවානයේ නිල සංචාරවල නිරතවීමේ නීතියක් අනුමත කර තිබෙනවා.
චීනය උදහස් වී ඇත්තේ ඒ පිළිබඳවයි.