Gossips

වරකාපොළ හිටපු සභාපතිට අත්හිට වූ, සිර දඬුවමක්

වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම ආසන සංවිධායක කීර්ති විජේතුංගට වසර 5කට අත්හිට වූ මාස 6ක සිර දඬුවමක් තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබෙනවා.
ඒ, 2008 වසරේ දෙසැම්බර් මස 10 වනදා වරකාපොළ – නියදුරුපොළ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහර දී තුවාල සිදුකිරීම හේතුවෙන්.
අදාළ පුද්ගලයා විසින් මෙම නඩුව තුල්හිරිය අධිකරණය වෙත ගොනු කර තිබූ අතර, ඊයේ (14) එම නඩුව අවසන් කරමිනුයි තුල්හිරිය මහේස්ත්‍රාත් යූ.බී. කුලතුංග මෙම නියෝගය ලබාදුන්නේ.
ඒ අනුව පැමිණිලි පාර්ශවයට රුපියල් 50,000ක වන්දි මුදලක් හා රුපියල් 1500ක දඩයක් ද නියම කර තිබෙනවා.