කොළඹ – නුවර මාර්ගයේ වරකාපොළ නගරය ආශ්‍රිතව මේ දිනවල පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ පාසල් නිවාඩු සමය සහ උත්සව සමය හේතුවෙන් වෙනදාට වඩා වැඩි රථ වාහන සංඛ්‍යාවක් මේ දිනවල වරකාපොළ නගරය හරහා ගමන් කරන බවයි.
ඒ හේතුවෙන් පසුගිය දින කිහිපයේදී වරකාපොළ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් හට ගත්තා.
මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා කොළඹ සිට නුවර පාර ඔස්සේ වව්නියාව, අනුරාධපුර, යාපනය සහ ත්‍රිකුණාමලය දක්වා ගමන් කරන රියදුරන්ට පොලීසිය දැනුම් දෙන්නේ පස්යාල හන්දියෙන් ඒ – 5 මාර්ගය භාවිත කරන ලෙසටයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ පාසල් නිවාඩු සමය සහ උත්සව සමය හේතුවෙන් වෙනදාට වඩා වැඩි රථ වාහන සංඛ්‍යාවක් මේ දිනවල වරකාපොළ නගරය හරහා ගමන් කරන බවයි.
ඒ අනුව කොළඹ සිට කුරුණෑගල, වව්නියාව, අනුරාධපුර, යාපනය සහ ත්‍රිකුණාමලය දක්වා ගමන් කරන රියදුරන්ට පොලීසිය දැනුම් දෙන්නේ පස්යාල හරහා ගිරිඋල්ල මාර්ගය භාවිත කරන ලෙසටයි.