නායකයින් රටට විහිළු සපයමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කන්තලේ ප්‍රදේශයේ ඊයේ (06) පැවැති ජන රැළියකට එක්වෙමින්.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහගේ කතාවකට සවන් දුන් බවයි.
එහිදී තරුණ තරුණියන්ට ආදරය කිරීමට වයිෆයි අවශ්‍ය බව ඔහු සදහන් කළ ද ඊට පෙර බඩගින්න නිවීමේ අවශ්‍යතාව පවතින බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ.