Gossips

වයික්කාලේදී නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට

පොහොය දිනයේ අලෙවිය සදහා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ හයහමාරකට අධික වටිනාකමකින් යුතු නීතිවිරෝධී මත්පැන් තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයික්කාල – බෝලවත්ත – අංගම්මන ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදී මෙලෙස සොයා ගෙන ඇති මත්පැන් බෝතල් සංඛ්‍යාව 1330 ක්.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට අද දිනයේ අලෙවි කිරීම සදහා සුඛෝපභෝගි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ සැකකරු ද අත්අඩංගුවට ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.