Gossips

වයඹ පළාත සහ තවත් දිස්ත්‍රික්ක දෙකක හෙටත් උණුසුම් කාලගුණයක්

වයඹ පළාතේ මෙන්ම මන්නාරම සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලට හෙට දිනයේත් උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
අධික උණුසුම හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීමෙන් මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
එම නිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.