Gossips

වයඹ පළාතේ බොහෝ ස්ථානවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක්

වයඹ පළාතේ බොහෝ ස්ථානවලට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
අධික උණුසුම හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීමෙන් මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ නිසා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් ඉල්ලීමක් කෙරෙනවා.