Gossips

වයඹ ඇළ දෙවන අදියර ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

වයඹ පළාත් ඇල දෙවන අදියර ආරම්භ කිරීම සහ එල්ලංගා පද්ධති සමඟ සබැඳුණු ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදුකිරීමට නියමිතයි.
ඒ, පොල්පිතිගම – කුඹුකුලාව වැව පරිශ්‍රයේදීයි.
දේශගුණික හා කාලගුණික අවදානමට ඔරොත්තු දිය හැකි පරිදි ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ යල – මහ දෙකන්නයේ ගොවි බිම්වලට අවශ්‍ය ජලය ලබාදීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුවනු ඇති.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ලැබෙන මූල්‍ය ප්‍රතිපාදනවලින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද සහයෝගය ඇතිව වයඹ පළාත් ඇල ජල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනවා.